brand logo

පාතාලය මෙල්ල කළ එස්.ටී.එෆ්. බුද්ධි අංශ රැසකට හදිසියේ ස්ථාන මාරු

30 November 2019

පාතාලය හා මත්කුඩු ජාවාරම මර්දනය කිරීමට ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමක් අරඹන්නැයි ජනාධිපතිවරයා නියෝග කර තිබියදී පාතාලය හා මත්කඩු ජාවාරම මර්දනය කිරීමට වසර දහයක් පමණ තිස්සේ කටයුතු කළ පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ දක්ෂම නිලධාරින් සියලු දෙනා එක්වරම මාරුකර යැවීමට පොලිස් ලොක්කෙකු ක්‍රියාකර ඇතැයි වාර්තා වේ. මේ අනුව පසුගිය සතියේ සිට පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. එස්. ධර්මප්‍රිය, කෝට්ටේ එස්.ටී.එෆ්. කඳවුරේ අණදෙන නිලධාරිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා, පොලිස් පරීක්ෂක කේ. ඒ ප්‍රේමලාල් ඇතුළු කණ්ඩායම් මෙසේ මාරුකර යවා තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාව සිටියදී එස්.ටී.එෆ්. බුද්ධි අංශය පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර සහ සහකාර පොලිස් අධිකාරී සිසිර කුමාර යටතේ ඇරඹීය. ඒ යටතේ මෙම බුද්ධි නිලධාරින් ගත වූ වසර දහයේදී පාතාල නායකයන් වන ඕල්කට්, ෆාජි, මාමාස්මි. නෙළුවේ ප්‍රියන්ත ඇතුළු බොහෝ පාතාල පිරිසක් කොටුකර ගැනීමට කටයුතු කළ අතර වැඩිම කොකේන් තොගය, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය හා කසළ තේ වැටලීමටද ක්‍රියා කළේ ය. දැනට නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස්වී සිටින වරුණ ජයසුන්දර, පොලිස් පරීක්ෂක කේ. සංගීත් ඇතුළු බුද්ධි නිලධාරින්ද පසුගිය වසර වන විට විශේෂ කාර්ය බළකායෙන් ඉවත්කර තිබිණි. මෙලෙස දක්ෂ බුද්ධි නිලධාරින් වෙනත් ප්‍රදේශවලට මාරුකර යැවීමෙන් අත්දැකීම් ඇති දක්ෂ නිලධාරින් කලකිරීමට පත්ව ඇත.
 

More News..