brand logo

පාඨලී සහ වජිර අමාත්‍යධූර වලින් ඉල්ලා අස්විය යුතු බව ෂෙහාන් කියයි

02 April 2019

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන සහ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයන්හි වැයශීර්ෂ පරාජය වීමේ වගකීම අදාළ අමාත්‍යවරුන් භාර ගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ විෂයබාර අමාත්‍යවරයා විපක්ෂය විසින් වැය ශීර්ෂය පරාජය කළ බව පවසයි නම්, ඔවුන් අදාළ අමාත්‍යාංශවලින් ඉල්ලා අස්විය යුතු බවයි. මෙය විපක්ෂයේ අයවැය ලේඛනය නොවන බවත්, එය ආණ්ඩුවේ වැඩපිළිවෙල සඳහා වු අයවැයක් බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා, වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ වැය ශීර්ෂය පරාජය වීම එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මහතාට ඇති විරෝධතාවය දැක්වීමක් බව ද සේමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
 

More News..