brand logo

පාඨලී බේරගන්න උපරිමයෙන් නීත්‍යානුකූල පියවර ගන්නවා - සජිත්

19 December 2019

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක බේරා ගැනීම සදහා උපරිම ලෙස නීත්‍යානුකූල පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද (19) අගලවත්ත ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් ඔහු සදහන් කර ඇත්තේ ජනාධිපතිවරණයේදී තමන්ව ජයග්‍රහණය කරවීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික හදවතින්ම කටයුතු කළ බවයි. පාඨලී චම්පික රණවක වෙනුවෙන් නීත්‍යානුකූලව ගත හැකි උපරිම පියවර ගැනීම තමන් ඇතුළු කණ්ඩායම උපරිමයෙන් කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සදහන් කර තිබේ.
 

More News..