brand logo

පාඨලී ජාතික හෙළ උරුමයෙන් ඉවත්වෙයි

12 December 2020

ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (12) සිය ධුරයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ. පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත. මේ අතර ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස දේශපාලනයේ නිරත වු තවත් නියෝජිතයින් කිහිපදෙනෙකු ද ඉන් ඉවත්ව තිබේ. "නව සමාජ බලවේගය ගොඩනැනීම වෙනුවෙන් අද අප ජාතික හෙළ උරුමයේ පක්ෂ සමාජිකත්වයෙන් හා තනතුරුවලින් ඉවත් වීමට කටයුතු කරනවා. අද රටෙහි සිටින තරුණ පිරිසට අනාගතයේ මේ රට භාරදිය යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් යහපත් රටක් නිර්මාණය කිරීම අප සියලු දෙනාගේ වගකීමක්. මෙම තරුණ පිරිස විධිමත් ලෙස මෙහෙයවීම වෙනුවෙන් නව සමාජ ජාතික බලවේගයක අවශ්‍යතාවය අද අනිවාර්යයි. රටෙහි සිටින තරුණ පිරිසට රට භාරදීමට කිසිසේත් සුදුසු තත්ත්වයක් අද නොපවතින අතර පැරණි දේශපාලන පවුල්වල නෂ්ටාවශේෂයන් අදටත් මේ රටේ පාලනය ගෙනයාමට කටයුතු කරමින් සිටිනවා. මෙම ක්‍රමය අප වෙනස් කළ යුතුය. ඒ වෙනුවෙන් වන නව සමාජ බලවේගයක් නිර්මාණය කිරීමට අප ඉදිරියේදී ක්‍රියා කරනු ලබනවා.“යනුවෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් අදහස් දක්වා තිබේ.
 

More News..