brand logo

පාඨලීට සහ ඔහුගේ රියදුරුට විදෙස් ගමන් තහනමක්

13 December 2019

2016 වසරේදී රාජගිරියේදී තරුණයෙකු රිය අනතුරකට ලක් කළ බව කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සහ ඔහුගේ රියැදුරුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද විදෙස් ගමන් තහනමක් පනවා ඇත. ඒ, කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශය අධිකරණ හමුවේ කළ කරුණු දැක්වීමකින් අනතුරුවය. 2016 වසෙර් මාර්තු මාසයේදී රාජගිරිය ප්‍රදේශයේදී පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාට අයත් ජීප් රථයටකට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සන්දීප් සම්පත් නැමැති තරුණයෙකු ගැටී බරපතළ තුවාල ලැබීය. පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ හා අදාල සිදුවීම සිදුවන අවස්ථාවේ රථය පැදවූ බව කියන පුද්ගලයාගේ විදෙස් ගමන් තහනමක් පැනවීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය අවසර දී ඇත.
 

More News..