brand logo

පාඨලීගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ

04 March 2020

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වෙත 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වු රිය අනතුරු සිද්ධිය හේතුවෙන් පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලික ලෙස ඉවත්කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත. අප්‍රේල් මස 26 වනදා සිට මැයි මස 12 වනදා දක්වා කාලසීමාව තුළ ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට අවශ්‍යව තිබෙන හෙයින් එම කාල සීමාව සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම ලිහිල් කරන ලෙස චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අද(04)මෙම නඩුව කැදවනු ලැබූ අවස්ථාවේදී ඉල්ලා සිටියේය. කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිනී නෙවිල් ද සිල්වා මහතා සඳහන් කලේ අධිකරණය විසින් නියම කරනු ලබන කොන්දේසි මත එම සහනය ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා තමාට උපදෙස් ලබාදී ඇති බවයි. රුපියල් ලක්ෂ 10 ක අමතර ශරීරයක් මත සැකකාර පාඨලී චම්පික රණවක මහතා වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම ඔහු ඉල්ලා සිටින කාල සීමාව සඳහා ඉවත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළේය. මෙම නඩුව නැවත මැයි මස 13 වනදා කැඳවීමට නියමිතය.
 

More News..