brand logo

පාඨලි සහ රිෂාඩ් සජිත් සමග මහ මැතිවරණයට

25 February 2020

සමගි ජන බලවේගය සමග එක්ව ඉදිරි මහ මැතිවරණයට තරග කිරිමට ජාතික හෙල උරුමය තීරණය කර තිඛේ. ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු නව සන්ධානය යටතේ මහ මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දීමටයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ මුලිකත්වයෙන් යුතු ජාතික හෙළ උරුමය තීරණය කර ඇත්තේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා ද ඉදිරි මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය ලබා දෙන සමගි ජන බලවේගය සමග එක්ව තරග කිරිමට තීරණය කර තිඛේ. වවුනියාවේ පැවති වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ සන්ධානයේ ලකුණ පිළිබද තමන්ට කිසිදු ගැටලුවක් නොමැති බවයි.
 

More News..