brand logo

පාඨමාලා නිමකරන පිරිස රැකියාවල නියැලෙනවාදැයි සොයා බැලිය යුතුයි

09 August 2019

වෘත්තීය පුහුණු හා නිපුණතා ක්‍ෂේත්‍රය යටතේ ඇති ආයතන මගින් විවිධ පාඨමාලා හා පුහුණුව ලබා පිටව යන පිරිසෙන් කොපමන ප්‍රමාණයක් රැකියා සඳහා ඇතුලත් වන්නේ දැයි සොයා බැලීමට කටයුතු කරන ලෙස අදාල ආයතන ප්‍රධානීන්ට කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ (08) දින අමාත්‍ය ශ්‍රවණාගාරයේ අමාත්‍යාශයට අයත් වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ක්‍ෂේත්‍රයේ ආයතන ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය. අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසීය, වසර ගනනාවක සිට අප අමාත්‍යාශය යටතේ ඇති අයාතන මගින් විවිධ වු පාඨමාලා ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. දරුවන් දහස් ගනනින් ඉගෙනීම් කටයුතු සාර්ථකව සිදු කර සහතික ලබා පිටව යනවා. ඔවුන් දේශීය මෙන්ම විදේශීය රැකියා සඳහාද යොමුවෙනවා. පාඨමාලා හා පුහුණුව අවසන්කළ පිරිසෙන් කොපමන පිරිසක් රැකියා නියුක්තිකයන් වී ඇතිද යන්නත්, ඒවගේම රැකියා අපේක්‍ෂාවෙන් කොපමණ පිරිසක් රැදී සිටිනවාද යන්නත් අප සොයා බැලිය යුතුයි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මගින් කර්මාන්ත හා සෙසු ආයතන ශක්තිමත් කිරීමට කටයුතු කරනවා. රාජ්‍ය හා පුද්ගලික අංශයේ විවිධවු ක්‍ෂේත්‍රයන්හි රැකියා අවස්ථාවන් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ සඳහා මෙම පිරිස යොමු කිරීම කෙරෙහිද අපගේ අවධානය යොමුකල යතුයි. ඒවගේම ඔවුන් පිළිබඳව පසු විපරම් කිරීම හා ඔවුන්ට ලබාදිය හැකි පහසුකම් ගැනද සොයා බැලීමට කටයුතු කළ යුතුයි. ඒ සදහා විදිමත්වු යාන්ත්‍රනයක් ඇති කරන ලෙස මා ඔබගෙන් ඉල්ලා සිටිනවා යැයිද අමාත්‍යවරයා පැවසීය. 2016,2017,2018 වර්ෂයන්හි දරුවන් විශාල ප්‍රමාණයක් අපගේ ආයතන වලින් ඉගෙනුම හා වෘත්තීය පුහුණුව ලබා තිබෙනවා. ඔවුන්ට වෘත්තීන් සඳහා යොමු වීමටත් අප මග පෙන්වීම කළ යුතුයි. මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම්,රංජිත් අශෝක මහතා ඇතුලු ආයතන සභාපති වරුන් ඇතුලු නිළධාරීන් රැසක් සහභාගී විය.
 

More News..