brand logo

පාකිස්ථාන හා ඇෆ්ගනිස්ථාන සරණාගතයින් 77 දෙනෙකු වවුනියාවට

31 May 2019

මීගමුව ප්‍රදේශයේ සිටි පකිස්ථාන හා ඇෆ්ගනිස්ථාන සරණගාතයින් 77 දෙනෙකු ඊයේ (30) වවුනියාව පූන්තෝට්ටම් පුනරුත්තාපන කඳවුරු භූමියේ පිහිටි ගොඩනැගිල්ලක් වෙත ගෙනැවිත් ඇති බව වවුනියාව ජනතාව පවසයි. ප්‍රදේශවාසීන් පැවසූවේ දකුණට එපා වු පිරිස් භාර ගැනීමට වවුනියාවේ මුස්ලිම් දේශපාලන නායකයින් කටයුතු කරමින් සිටින අතර ඊට වවුනියාව හා උතුරේ ජනතාව අකමැති බවයි. රජය සරණගාගතයින් වවුනියාවට රැගෙනවිත් කදවුරු ගත කිරීමට පෙර උතුරේ දේශපාලන නියෝජිතයින්ගෙන් අදහස් විමසීමක් හෝ සිදුකොට නොමැතිවීම තමන් හෙළා දකින බවද හෙතෙම පැසුවේය. පාකිස්ථාන හා ඇෆ්ගනිස්ථාන සරණාගතයින් 35 දෙනෙකුගේ පිරිසක් වවුනියාව පූන්තෝට්ටම් පුනරුත්තාපන මධ්‍යස්ථානයේ පිහිටි ‍ගොඩනැගිල්ලක් වෙත 17 වැනිදා රාත්‍රියේ රැගෙන විත් ඇති බව වවුනියාව ප්‍රදේශවාසීන් පවසති. අදාළ ස්ථානයේ කටයුතුවලට සම්බන්ධ නම සඳහන් කිරීමට අකමැති පුද්ගලයෙකු පැවසූවේ මීට පෙර පාකිස්ථාන ජාතිකයින් 19 දෙනෙකු හ ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 16‍ දෙනෙකු හා පාකිස්ථාන ජාතිකයින් 19 දෙනෙකු හ ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 16‍ දෙනෙකුද, ඊයේ(30) රාත්‍රියේ ඇෆ්ගනිස්තාන ජාතික කාන්තාවන් 23 දෙනෙකු, පිරිමි පුද්ගලයින් 21 දෙනෙකු හා පාකිස්තාන ජාතික කාන්තාවන් 17 දෙනෙකු, පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු මෙන්ම යේමන ජාතිකයෙකු පූන්තෝට්ටම් පුනරුත්තාපන කදවුරේ ගොඩනැඟිල්ලක් වෙත එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනයක් විසින් රැගෙන විත් ඇති බවයි.
 

More News..