brand logo

පාකිස්ථාන මගී ගුවන් යානාවක් කඩා වෙටෙයි

22 May 2020

පාකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපොළ ආසන්නයේ පාකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වී තිබේ. මේ දක්වා, යානයේ ගමන් කළ පිරිස සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහන් නොවන අතර, එරට බලධාරීන් ප්‍රකාශ කරන්නේ, මගීන් 90 කට වැඩි පිරිසක් හා කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු එහි සිටි බවයි. ලහෝර් නුවර සිට කරච්චී දක්වා ගමන් කළ මගී ප්‍රවාහන ගුවන් යානයක් මෙසේ කඩා වැටී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. කරච්චි ගුවන් තොටුපල ආසන්නයේ ජනාකීර්ණ ප්‍රදේශයකට මෙම ගුවන් යානය කඩා වැටී ඇති අතර අනතුරට නිශ්චිත හේතුවන් මෙතෙක් අනාවරණය වී නොමැත.  
 

More News..