brand logo

පාකිස්ථාන පළමු ඉනිමට ලකුණු 191යි - ලහිරු සහ ලසිත් කඩුළු 4 බැගින් දවාගනී

19 December 2019

ශ්‍රී ලංකා පාකිස්ථාන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සදහා පාකිස්ථාන කණ්ඩායම ලකුණු 191කට දවාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 60ක් සහ අසාඩ් ෂාෆික් ලකුණු 63ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු කුමාර සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුළු 4 බැගින් දවා ගැනීමට සමත් විය. ඊට අමතරව විශ්ව ප්‍රනාන්දු කඩුළු 2ක් දවාගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටී.
 

More News..