brand logo

පාකිස්ථාන තරග සංචාරය ගැන ඇමති හරීන්ගෙන් ට්විටර් පණිවුඩයක්

11 September 2019

පාකිස්ථාන තරග සංචාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් එක්වීම වැළැක්වීම සදහා ඉන්දියාව බලපෑම් එල්ල කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. https://twitter.com/fernandoharin/status/1171471428400496641 අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2009 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පදනම් කර ගනිමින් ඇතැමුන් මෙම සංචාරයට එක් නොවන බවයි. ඔවුන්ගේ තීරණයට ගරු කරමින් පාකිස්තාන තරග සංචාරයට එක්වීමට කැමති ක්‍රීඩකයින් තෝරාගෙන ඇති බව අමාත්‍යවරයා සදහන් කරයි. ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තිමත් සංචිතයක් සිටින අතර, ඔවුන් පාකිස්ථානයේදීම පාකිස්ථාන කණ්ඩායම පරාජයට පත් කරනු ඇති බවට විශ්වාස කරන බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සදහන් කර ඇත. පකිස්ථානයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ෆවාඩ් හූසේන් චෞද්රි මහතා විසින් තැබූ ට්විටර් පණිවුඩයට පිළිතුරු වශයෙන් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ට්විටර් පණිවුඩ සටහනක් තබමින් සදහන් කළේය. ෆවාඩ් හූසේන් චෞද්රි සිය ට්විටර් පණිවුඩයේ සටහන් කළ පණිවුඩය පහතින් වේ.... https://twitter.com/fawadchaudhry/status/1171321114628411392
 

More News..