brand logo

පාකිස්ථාන තරග සංචාරයේ එක්දින නායකත්වය ලහිරුට - විස්සයි විස්සේ නායකත්වය දසුන්ට

10 September 2019

පාකිස්ථාන ක්‍රිකට් තරග සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්නට ලබාදී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ එම සංචාරයේ විස්සයි විස්ස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට ලබාදී ඇති බවයි. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ විස්ස විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පාකිස්ථාන තරග සංචාරය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම පත්කීරීම් සිදුකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය. දිමුත් සහ ලසිත්ට අමතරව නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල් සහ දිනේෂ් චන්දිමාල් පාකිස්ථාන සංචාරය ප්‍රතික්ෂේප කළ අනෙකු ක්‍රීඩකයන් වේ. ලබන 27 වැනිදා ආරම්භ වීමට නියමිත පාකිස්ථාන තරග සංචාරය සදහා සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
 

More News..