brand logo

පාකිස්ථානය ලැජ්ජාවෙන් බේරීමේ සටනක

14 January 2019

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පරාජයට පත්ව සිටින පාකිස්ථාන කණ්ඩායම මේ වන විට පරාජයේ ලැජ්ජාවෙන් බේරීම සදහා තෙවන ටෙස්ට් තරගය ජයග්‍රහණයට දැඩි සටනක නිරතව සිටිනවා. තෙවන ටෙස්ට් තරගය ජය ගැනීම සදහා පාකිස්ථානයට තවත් ලකුණු 228ක් අවශ්‍යව තිබෙනවා. තෙවන දිනය සදහා ඊයේ (13) තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි පාකිස්ථාන කණ්ඩායම කඩුළු 3ක් දැවී ලකුණු 153ක් ලබාගෙන සිටියා. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානුවන් ලකුණු 262ක් රැස්කර ගත් අතර පාකිස්ථානයට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 185ක් පමණයි. ඉන් අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 303ක් ලබාගත්තා. ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා පාකිස්ථානය තවත් ලකුණු 228ක් ලබාගත යුතු වනවා. මෙම තරගාවලියේ තරග 2ට 0ක් ලෙස ජයගෙන දකුණු අප්‍රිකාව ඉදිරියෙන් සිටිනවා. අද (14) තරගයේ සිව්වැනි දිනයයි.
 

More News..