brand logo

පාකිස්ථානය පරාජයට පත්කරමින් නවසීලන්තය ටෙස්ට් තරගාවලිය ජයගනී

08 December 2018

පාකිස්ථානය සමග පැවැති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 123කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා. මෙම තරගයේ ප්‍රථම ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 274ක් ලබාගත් අතර, පිළිතුරු ප්‍රථම ඉනිම සදහා පාකිස්ථාන කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 348ක් ලබාගැනීමට සමත් වුණා. පාකිස්ථාන පළමු ඉනිම වෙනුවෙන් අසර් අලී ලකුණු 134ක් සහ අසාඩ් සාෆීක් ලකුණු 104 ක් ලබාගැනීමට සමත් වුණා. ඉන් අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 353ක් රැස්කර ගෙන සිටියදී ඉනිම අවසන් කිරීමට තීරණය කළා. ඒ අනුව ලකුණු 280ක අභියොගයක් භාරගනිමින් අබුඩාබි හි පිටියට පැමිණි පාකිස්ථානයට සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 156ක් පමණයි. එම ජයග්‍රහණයත් සමග නවසීලන්ත කණ්ඩයම මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2ට 1ක් ලෙස ජය ගැනීමට හැකි වුණා.
 

More News..