brand logo

පාකිස්ථානයේ හිටපු ජනපති ෆර්වේස් මුෂාරෆ්ට මරණ දඩුවම

17 December 2019

පාකිස්ථානයේ හිටපු ජනාධිපති ජෙනරාල් ෆර්වේස් මුෂාරෆ් හට පාකිස්ථාන විශේෂ අධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර ඇත. ඒ ලාහෝර් නුවර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් 2013 වසරේ සිට අද දින දක්වා මෙම නඩුව විභාග කිරීමෙන් අනතුරුවය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හා හදිසි නීතිය පැනවීම වෙනුවෙන් රාජද්‍රෝහීව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාට මරණ දණ්ඩනය නියම වූ බවයි. මේ වන විට 76වන වියේ පසුවන ෆර්වේස් මුෂාරෆ් 2016 වසරේ සිට ඩුබායි හි වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 

More News..