brand logo

පාකිස්ථානයට ලකුණු 67ක ජයක්

01 October 2019

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින තරගය ලකුණු 67කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 305ක් රැස්කර ගත්තේය. පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් බාබාර් අසාම් ලකුණු 115ක් රැස්කර ගත් අතර, ඊට දැවැන්ත හයේ පහර 4ක් ද ඇතුළත් වේ. පන්දු යැවීමේ වනිදු හසරංග කඩුළු 2ක් දවාගත් අතර, ඉසුරු උදාන සහ ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවාගත්තේය. අනතුරුව පිටියට පැමිණි ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 5කදී ලකුණු 238කට දවා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය. ඒ අනුව පාකිස්ථාන කණ්ඩායමට ලකුණු 67ක ජයක් හිමි විය.
 

More News..