පාකිස්තානය මට්ටු කළ බංග්ලාදේශය ඉන්දියාව සමග හෙට ඔට්ටු වෙයි
27 September 2018
පාකිස්තානය මට්ටු කළ බංග්ලාදේශය ඉන්දියාව සමග හෙට ඔට්ටු වෙයි
27 September 2018
පාකිස්තානය ලකුණු 37 කින් පරාජය කරමින් ආසියානු කුසලාන අවසන් තරගය සඳහා සුදුසුකම් ලද බංග්ලාදේශය, ආසියාවේ ශූරයින් වීම උදෙසා ඉන්දියාව සමගින් හෙට (28දා) තරග වැදීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 5.00 ට පමණ පැවැත්වේ.
ආසියානු කුසලානක අවසන් මහා තරගයක් වෙනුවෙන් බංග්ලාදේශයක් පැමිණි දෙවැනි අවස්ථාව මෙය වේ. මීට පෙර 2012 වසරේදී ඔවුන් අවසන් තරගයක් සඳහා පිවිසියද එහිදී පාකිස්තානය හමුවේ ලකුණු දෙකකින් පරාජය වීමට සිදුවිය.
මෙවර අවසන් තරගයේ ස්ථාන වෙන්කර ගැනීමේදී බංග්ලාදේශය රැස්කරන ලද ලකුණු 239 ක ඉලක්කය හඹාගිය පාකිස්තානයට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 202 ක් පමණි.
බංග්ලාදේශ ඉනිම ඉහළින් ඔසවා තැබූ මුෂ්ෆිකර් රහීම් ලකුණු 99 ක් රැස්කර ගත්තේය. පන්දු 116 කදී වාර්තා වූ මෙම ලකුණු සංඛ්‍යාවට හතරේ පහර 9 ක් ඇතුළත් විය.
එසේම අපහසු නොවන ලකුණු සංඛ්‍යාවක් හඹායෑමට පිටියට පිවිසි පාකිස්තාන පිතිකරුවන් මෙල්ල කිරීමේදී මුස්ටෆිසර් රෙහමාන් ලකුණු 43 ක් තුළ කඩුලු 4 ක් බිඳහෙලුවේය.
ලකුණු සාරාංශය
බංග්ලාදේශය පන්දුවාර 48.5 කදී සියල්ල දැවී ලකුණු 239 යි. (මුෂ්ෆිකර් රහීම් 99, මොහොමඞ් මිතුන් 60, මහමදුල්ලා රියාඞ් 25, ජුනයිඞ් ඛාන් 4/19, ශහීම් ෂා 2/47)
පාකිස්තානය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 202 යි. (ඉමාම් උල් හක් 83, ශොයිබ් මලික් 30, ආසිෆ් අලී 31, මුස්ටෆිසර් රෙහමාන් 4/43, මෙහෙදි හසන් 2/28)