brand logo

පාකිස්තානය පරාජය කළ නවසීලන්තය පළමු ටෙස්ට් තරඟය ලකුණු 4කින් ජයගනී

19 November 2018

පාකිස්තාන කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරඟය ලකුණු 4කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් වුණා. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 153ක් රැස්කර ගත් අතර, පාකිසථාන කණ්ඩායම ලකුණු 227 ලබාගත්තා. අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 249ක් ලබාගැනීමට සමත් වුණා. අනතුරුව ලකුණු 176ක අභියෝගයක් සමග අබුඩාබි පිටියට පැමිණි පාකිස්ථාන කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 171ක් පමණයි. ඒ අනුව ටෙස්ට් තරග 3කින් සමන්විත මෙම තරඟාවලිය 1ට 0ක් ලෙස ජයගෙන නවසීලන්තය ඉදිරියෙන් සිටිනවා.
 

More News..