brand logo

පාකිස්තානයෙන් රු. කෝටි 34 ක ‘ගුවන් පොල්ලක්’

07 September 2019

පාකිස්තාන අන්තර්ජාතික ගුවන් සමාගමකට කල්බදු ක්‍රමය යටතේ ලබා දී තිබූ ගුවන් යානයක ගිවිසුම් කාලය අවසන් වී මාස හයක් ගත වී ඇතත් ලැබිය යුතු කුලිය වූ රුපියල් කෝටි තිස්හතරක (34765020) මුදල මෙතෙක් ලැබී නැත. 2016 අගෝස්තු 10 වැනි දින සිට 2019 පෙබරවාරි 09 වැනි දින කාලය සඳහා ගිවිසුම්ගෙන තිබූ එම යානයේ අවම කොටස් වාරිකය පැය 300 ක් සඳහා ඇමෙරිකන් ඩොලර් අටදහස් එකසියයකි. (8100) අතිරේක පැයකට ඇමෙරිකන් ඩොලර් හත්දහස් හයසියයක්ද අය කළේ ය. චමින්ද සේනාරත්න
 

More News..