brand logo

ප්‍රේමලාල් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි - (Update)

08 September 2020

  මිට සුළු මොහොතකට පෙර බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන ආ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙසත් ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට පියවර ගන්නා ලෙසත් නියෝග කෙරුණා. ඒ අභියාචනාධිකරණය විසින් ඊයේ (07) දිනයේ දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කරමින්. මේ අනුව අද දින (08) ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී වීමට බන්ධාගාරයේ වෑන් රථයකින් රැගෙන එනු ලැබුවා. නමුත් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන අවස්ථාවේ දී එම දිවුරුම්දීම නිත්‍යානුකූල නොමැති බවට චෝදනා කරමි සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාගර්භයෙන් පිටව ගිය බව වාර්තා වනවා.
 

More News..