brand logo

ප්‍රීමා ආහාර සුරක්ෂිතතාව තහවුරු කරමින් අඛණ්ඩව සැපයුම් සිදුකරයි

26 March 2020

ලොව පුරා ඇති වී තිබෙන කොරෝනා වෛරස තත්ත්වය හමුවේ වුව ද ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරමින් අඛණ්ඩව සැපයුම් සිදු කිරීම සඳහා සිය සමාගම සියලු කටයුතු සූදානම් කර ඇති බව සීමාසහිත ප්‍රීමා සිලෝන් (පුද්.) සමාගම පවසයි. දැඩි ආරක්‍ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කෙරෙන තත්ත්වයක් හමුවේ වුව ද රජයේ සහයෝගය ඇතුව ගොඩබිමින්, දුම්රිය මාර්ග සහ සමුද්‍රීය බෙදාහැරීම් ජාලය ඔස්සේ තිරිඟු පිටි බෙදා හැරීමට ප්‍රීමා සමාගමට හැකි බව ද එම සමාගම දන්වා සිටී. එමගින් මෙරට පාරිභෝගිකයන්ට මෙන්ම, බේකරි සහ වෙනත් තිරිඟු පිටි ආශ්‍රිත කර්මාන්තවලට අඛණ්ඩව තිරිඟු පිටි සැපයෙනු ඇත. එබැවින්, මෙම කාලය තුළ තිරිඟු පිටිවල කිසිඳු හිඟයක් ඇති නොවන බව ඔවුහු අවධාරණය කරති. තවද, මාස 3 ක් සඳහා දේශීය පරිභෝජනයට ප්‍රමාණවත් තරම් තොග එම සමාගම සතුව පවතී. එම සමාගමේ සියලු ම කාර්යාල සහ කර්මාන්තශාලාව තුළ වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා ගත යුතු පියවර මේවන විට ද ගෙන ඇත. රටේ ආහාර සුරක්ෂිතතාව යළි යළිත් තහවුරු කරන සීමාසහිත ප්‍රීමා සිලෝන් (පුද්.) සමාගම, මෙරට ජනතාවට එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය තිරිඟු පිටි අඛණ්ඩව ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජයට උපරිම සහයෝගය ලබා දෙන බවට සහතික කරයි.
 

More News..