brand logo

ප්‍රීතිමත් උත්සව සමයේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම ෆ්ලයිස්මයිල්ස් සැතපුම් මිලියන 3 ක් ලබා දෙයි

28 December 2019

නත්තල් සමය වෙනුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ නිරන්තර පියාසර කිරීමේ වැඩසටහන වන ෆ්ලයිස්මයිල්ස් සේවාව විසින් සිය පාරිභෝගිකයන් වෙත විශේෂ දීමනාවක් පිරිනැමීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ගුවන් යානය තුළ දී සිදු කරනු ලබන විශේෂ දිනුම් ඇදීමකින් තොරාගන්නා ජයග්‍රාහකයන් වෙත මිලියන 3 ක් දක්වා ෆ්ලයිස්මයිල්ස් සැතපුම් ලබාදීමට කටයුතු යොදො තිබේ. 2019 දෙසැම්බර් මස 20 වන දින සිට 25 දක්වා කාලය තුළ ගුවන් මගීන්ට මෙම සැතපුම් මිලියන 3 ක වාසනාවන්ත මයිල්ස් හිමිවනු ඇත. මෙහි දී ජයග්‍රාහකයන්ට කොළඹ, සිංගප්පූරුව, ක්වාලාලම්පූර්, ජකර්තා, බැංකොක්, මෙල්බර්න්, ටෝකියෝ, ලන්ඩන්, ඩුබායි, දෝහා සහ කැන්ටන් වැනි ආකර්ෂණීය ගමනාන්ත වෙත නොමිලේ ෆ්ලයිස්මයිල්ස් හිමි කර ගැනීමේ අවස්ථාව උදා වී තිබේ. මෙම උත්සව සමයේ දී ගුවන් සංචාරවල නිරතවන මගීන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මෙම ප්‍රවර්ධන වැඩසටහන ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ අලෙවි අංශය විසින් සංවිධානය කරන ලදී. සංචාරකයන් ආකර්ෂණය කර ගනිමින් සිදුකරනු ලබන ප්‍රවර්ධන වැඩසටහන් සඳහා මෑත කාලයේ දී ශ්‍රීලන්කන් අලෙවි අංශය ගෝලීය සම්මාන කිහිපයකින්ම පිදුම් ලබා තිබේ. ශ්‍රී ලංකාවේ සංස්කෘතික උත්සවවල ස්වභාවය ගුවන් මගීන් සමග බෙදා හදා ගනිමින් සහ BIA වෙත පැමිණෙන විදේශීය සංචාරකයන් ද එම වැඩසටහන් සඳහා සම්බන්ධ කර ගනිමින් ශ්‍රී ලාංකික ජීවන රටාවේ අද්විතීය පැතිකඩයන් කෙරෙහි ඔවුන් තුළ උනන්දුවක් හා හැඟීමක් ඇති කරවීමට මෙම වැඩසටහන් හේතු වී තිබේ. එසේම පසුගියදා වෙසක් පොහොය දිනය වෙනුවෙන් දියත් කළ නව අලෙවිකරණ වැඩසටහනක් වන‘Spirit of Vesak at BIA’’ සඳහා ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ (Airline Passenger Experience Association) සම්මාන උළෙලේ දී ‘හොඳම අලෙවිකරණ නවෝත්පාදන’(Best Marketing Innovation’) සම්මානයෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවය පිදුම් ලැබීය.
 

More News..