brand logo

ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟයට දිවයිනට පැමිණි ක්‍රීඩකයෙකුට කොවිඩ්

20 November 2020

ලන්කන් ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා ලංකාවට පැමිණි පාකිස්තානු ජාතික ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු කරගෙන තිබේ. මෙලස කොවිඩ් ආසාදිත වී ඇත්තේ දිවයිනට පැමිණි පාකිස්තානු ජාතික තුන් ඉරියව් ක්‍රීඩක සොහේල් තන්වීර්ට යි. වෛරසය ආසාදිත බව තහවුරු කරගෙන ඇත්තේ දිවයිනට පැමිණීමෙන් අනතුරුව සිදුකළ PCR පර්ක්ෂණයේ දී යි. එසේම සොහේල් තන්වීර් මහනුවර ටස්කර්ස් පිලටත් උස්මන් ෂින්වාරි යාපනය ස්ටැලියන්ස් පිලටත් එක්වූහ. මේ දෙදෙනාම එකම බසයේ පැමිණි අතර දෙදෙනාම මුව ආවරණ පැළඳ සිට නොමැති බව පැවසේ. කොළඹ කිංග්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටි කැනේඩියානු ක්‍රීඩක රවින්ද්‍රපාල් සිංටද කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබුනා ඔහු සමග එකම ගුවන්යානයේ පැමිණි කොදෙව් ක්‍රීඩක ඔන්ඩ්‍රි රසල් මේ වන විට නිරෝධායනයට යවා ඇත.
 

More News..