brand logo

ප්‍රාණගාතයේ ආදීනව පෙන්නා දුන් හිමිනම පහරදී මරුට

17 May 2021

විහාරස්ථානය අසළ ඇළේ සිටින මසුන් මැරීම පාප ක්‍රියාවක් යයි අවවාද කළැයි උරණ වී 85 හැවිරිදි හිමි නමකට පොලු වලින් පහර දී ඝාතනය කර ඇතැයි වැලිගම මූලස්ථාන පොලීසිය සඳහන් කර තිබේ. එම පහරදීම පසුගිය 29 වැනි දින සිදුකර ඇති අතර දින 16ක් මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම හිමිනම අපවත් වී ඇත. වැලිගම ගොවියාපාන කපුවත්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී තිත්තගල්ලේ දේවානන්ද හිමියෝ එසේ අපවත් විය. පහරදීම සම්බන්ධයෙන් තරුණයන් 05 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අදාළ විහාරස්ථානයේ හිමි නම පුරුද්දක් වශයෙන් විහාරස්ථානය පිටුපස ඇලේ මාළුන්ට බත් දැමීම කාලයක සිට සිදු කර තිබෙන අතර පසුගිය 29 වැනි දා එම ස්ථානයේ රැදී සිටි තරුණයෙකු මාලු ඇල්ලීම සිදුකර ඇත. එහිදී එම හිමිනම එහි ආදීනව පේනවා දී තිබේ. පසුව උරණ වූ තරුණයා තවත් පස් දෙනකු සමග පැමිණ හිමිනමට පහර දී තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
 

More News..