brand logo

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු ඉල්ලා කිලිනොච්චියේ ගැබිනි මව්වරු විරෝධතාවක

31 August 2018

  කිලිනොච්චිය මහ රෝහලට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු ස්ථිරව පත් කරන ලෙසට ඉල්ලා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ගර්භනී මව්වරු හා කිලිනොච්චිය කාන්තා සංවිධාන අද (31) කිලිනොච්චිය මහ රෝහල ඉදිරිපස විරෝධතාවයක නිරත වූහ. රෝහලේ සිටි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු මේ වන විට ස්ථාන මාරු ලබා පිටව ගොස් ඇති බවත්, අනෙක් වෛද්‍යවරයා වැඩිදුර අධ්‍යාපනය සදහා විදේශගතව සිටින බවත් විරෝධතාවයට එක්වු ගර්භනි මව්වරු පැවසූහ. මේ වන විට එකම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු වත් රෝහලේ නැති බැවින් තමන්ට මුලතිව් හෝ යාපනය රෝහල් වෙත ගමන් කිරීමට සිදුව ඇති බවද ගර්භනි මව්වරු පැවසූහ. පසුගියදා අධි රුධිර පීඩනයට ලක්වූ ගර්භනී මව්වරු දෙදෙනෙකු ඉතා අසාධ්‍ය තත්වයෙන් යාපනය රෝහල වෙත මාරුකොට යැවූ බවද ඔවුහු පැවසූහ. උද්ඝෝෂණය සදහා ගර්භනී මව්වරු සහ කාන්තාවන් විශාල පිරිසක් සහභාගි වී සිටි අතර මෙම ගැටලුවට වහා විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලා ඔවුහු උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය ජි.ගුණසීලන් වෙත සංදේශයක්ද භාරදුන්හ.
 

More News..