brand logo

ප්‍රශ්වාසයෙන් පිළිකාව හඳුනගන්න පුළුවන්ලු

19 February 2019

ඕනෑම කාරණාවක් පිළිබඳව කල් තියා දැන ගන්නට බොහෝ දෙනා තුළ ඇත්තේ දැඩි උනන්දුවකි. රෝගාබාධ සම්බන්ධව කල්තියා දැන ගන්නට දක්වන උනන්දුව මේ අතරින් වඩා වැඩියෙන් අහන්නට දකින්නට ලැබෙයි. වෛද්‍යවරුන්ගේ මෙන්ම පර්​ෙ ය්ෂකයන්ගේ ද නිරන්තර උනන්දුව වන්නේ එබඳු ඉඟි, එබඳු ක්‍රමවේද වැඩිවැඩියෙන් හඳුන්වා දෙන්නටය. නොඑසේව නූතන විද්‍යාවේ දියුණුව උපයෝගි කර ගනිමින් හැකිතාක් මිනිස් ජීවිත රැක ගන්නට උත්සාහ කිරීමය. පිළිකා ආශ්‍රිත රෝග අද සමාජය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින බව කාගේත් පිළිගැනීමය.එහෙත් කනගාටුවට කාරණය නම් තවමත් එයට නිශ්චිත-ස්ථිර පිළියමක්, ඔසුවක් ලබා දෙන්නට නූතන විද්‍යාව පවා අසමත්ව තිබීමය. තිබෙන හොඳම විකල්පය වන්නේ කල්තියා එහි ලක්ෂණ හඳුනාගැනීම පමණය. ඒ අනුව බලන කල පිළිකා රෝග සම්බන්ධව කල්තියා හඳුනාගැනීමේ ක්‍රම අලුතින් සොයා ගැනීම පවා මහත් විශ්මයක්, අපූරු කාර්යයක් ලෙස සලකන්නට හැකිය. සැබැවින්ම මේ කාර්යයේ අලුත් පිම්මක් පනින්නට සූදානම් වන බ්‍රිතාන්‍ය ජාතික පර් යේෂක කණ්ඩායමක් පවසන්නේ ප්‍රශ්වාසය හරහා පිළිකා රෝග තත්ත්ව කල්තියා හඳුනාගැනීමේ ක්‍රමවේදයක්, පරීක්ෂණ විදියක් පිළිබඳව ඔවුන් අධ්‍යයනය කරමින් සිටින බවයි. Cancer Research UK කේබ්බ්‍රිජ් මධ්‍යස්ථානය හා ආශ්වාස - ප්‍රාශ්වාස හරහා පටක විශ්ලේෂණය පිළිබඳ පර්​ෙ ය්ෂණ සිදු කරන Owl stone Medical නැමති ආයතනය එක්ව සිදු කරන මේ අලුත් ක්‍රමය තුළින් මෙතෙක් නොවූවිරූ ඉක්මනින් පිළිකා සම්බන්ධ ඉඟි ලබාගන්නට හැකිවෙතැයි විශ්වාස කෙරෙයි. එ් තුළින් වඩා ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමුවන්නට රෝගීන්ට ඉඩකඩ ලැබෙයි. ඔවුන් මේ සඳහා වැඩි දියුණු කරන්නට බලාපොරොත්තු වන්නේ වායු අංශුවල ඇති මධ්‍යසාර ප්‍රමාණය සෙවීම සඳහා යොදාගන්නා තාක්ෂණයට (Breathalyzer) සමාන වූ ක්‍රමවේදයකි. නිව් යෝක් මවුන්ට් සයිනි හි චෙල්සී වෛද්‍ය මධ්‍යස්ථානයේ සහකාර මහාචාර්යවරයකු වන ආචාර්ය නිකලස් රෝස් මේ අත්හදාබැලීම ගැන කතා කරන්නේ සතුටිනි. මේ තරම් සරල හා පහසු ක්‍රමයකට පිළිකාව ගැන කල්තියා හඳුනාගැනීමේ ක්‍රමවේදයක් සොයා ගන්න එක ඕනෑම කෙනකුගේ අපමණ සතුටට හේතුවක්. කල්තියා පිළිකාව හඳුනාගන්නවා කියන්නේ අපට නිසැකව විසඳුම්, පිළියම් කරන්නට පිළිවන් කියන එකයි. ඒ අතින් බැලුවාම කල්තියා හඳුනාගැනීමේ ක්‍රමයක් සොයා ගැනීම වුවත් ජීවිත දස දහස් ගණනක් බේරාගන්නට සමත් වන පිළියමක්. ‌මේ තාක්ෂණය තවමත් තිබෙන්නේ අත්හදා බලන මට්ටමේ බව ඇත්ත. ඒත් මෙය නිවැරදිව දියුණු කළ හැකි ක්‍රමවේදයක්. අනෙක් අතට මේ කාර්යය ගැන වෛද්‍යවරුන්ගේ අවධානය යොමුවුණු පළවෙනි වතාව මේ නොවෙයි. ප්‍රශ්වාසය තුළින් රෝග නිශ්චය කරගැනීමේ තාක්ෂණය වෛද්‍ය විද්‍යාවට නවමු අත්දැකීමක් නොවේ. ආමාශයාන්ත්‍රික (Gastro-Intestinal) රෝග හඳුනාගැනීම සඳහා යොදා ගැනෙන්නේ ද මේ ක්‍රමවේදයයි. අනෙක් අතට, වකුගඩු හෝ අක්මාව සම්බන්ධ යම් යම් රෝගාබාධ හඳුනාගැනීමට මේ ක්‍රමය යොදා ගැනෙන බව පැවසෙයි. වෛද්‍යවරුන් පවසන අන්දමට එබඳු රෝග තත්ත්වවලට ලක්ව ඇති රෝගීන්ගේ ප්‍රශ්වාසයෙන් නික්මෙන ගන්ධය (Scent) හඳුනාගත හැකි අන්දමේ වෙනස් ස්වභාවයක් උසුලන බවයි. මේ පරීක්ෂාව සිදු කරන්නේ කවර ආකාරයකින්දැයි දැනගන්නට බොහෝ දෙනා උනන්දු වනු නිසැකය. මේ සඳහා යොදා ගැනෙන්නේ Breath Biopsy තාක්ෂණය යොදා ගැනෙන මෙවලමකි. එය ප්‍රශ්වාසයේ ඇති වාෂ්පශීල ඓන්ද්‍රිය සංයෝග (VOC) වනාහි අපේ ප්‍රශ්වාසයේදී නිකුත් කරන ගන්ධය නිකුත් කෙරෙන අණු ලෙස ද හඳුනාගත හැකිය. ඒවා නිර්මාණය වන්නේ සෛලවල සිදුවන පරිවෘත්තීය ක්‍රියාවල ප්‍රතිඵලයක් වශයෙනි. මේ පරිවෘත්තීය ක්‍රියාවලියේ වෙනසක් සිදුවන විට අපේ ප්‍රශ්වාසය හා නිකුත්වන එකී සංයෝග (VOC) වල වෙනසක් හඳුනාගන්නට ලැබෙයි. එබඳු වෙනසක්, එනම් පරිවෘත්තීය ක්‍රියාවලියේ වෙනසක් සිදුවන්නේ පිළිකා වැනි තත්ත්වවලදීය. එහෙත් එබඳු තත්ත්වයක් පෙන්නුම් කරන රෝග තත්ත්වය වන්නේ පිළිකා නොවේ. එබැවින් වෛද්‍යවරුන් උත්සුක වන්නේ ඒ ඒ රෝග තත්ත්වවලට වෙන් වෙන්ව නිර්ණායක නිපදවා ගැනීම කෙරෙහිය. එතුළින් කවර රෝගී තත්ත්වයක්, කවර පිළිකා තත්ත්වයක අවදානමක් ඇත්දැයි සුවිශේෂී කොට හඳුනාගන්නට ඉඩකඩක් ලැබෙයි. එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් මධ්‍යස්ථානයේ පිළිකා පර්​ෙ ය්ෂණ අංශයේ පර්​ෙ ය්ෂිකාවක වන ආචාර්ය රෙබේකා ‍ෆිට්ස්ජෙරල්බ් ද මේ ගැන සුබදායි අදහස් දක්වන්නියකි. ‘‘වාශ්පශීල සංයෝග තුළින් විවිධ පිළිකා තත්ත්ව හඳුනාගන්නට පැහැදිලිවම ඉඩක් ලැබෙනවා. එතුළින් එක් එක් වර්ගයේ පිළිකා තත්ත්වවල ඉඟි වෙන් වෙන්ව හඳුනාගන්නට හැකියාවක් තිබෙනවා. මීට පෙර කරන ලද යම් යම් පර් යේෂණ තුළින් ඔප්පු වී ද තිබෙනවා, එක් එක් පිළිකා තත්ත්වවලට සුවිශේෂ VOC සංයෝග හඳුනාගන්නට පිළිවන් බව. ඉතින් අප බලාපොරොත්තු වෙනවා බොහෝම ඉක්මනින් මේ එක් එක් සංයෝග (VOC) වෙන වෙනම හඳුනාගන්නට මේ පර්​ෙ ය්ෂක කණ්ඩායමට හැකිවේවි කියා’’ ඔවුන් මේ සඳහා ආරම්භ කරන්නට සැරසෙන්නේ දෙවසරක් පුරා ඉදිරියට දිවෙන පර්​ෙ ය්ෂයකි. එයට පුද්ගලයන් 1500 දෙනකුගේ පමණ සංයෝග සාම්පල ලබා ගැනීමට නියමිතය. පළමුව ආමාශයේ හා අන්ත්‍ර ආශ්‍රිත පිළිකා ​තත්ත්වවලට ලක්ව ඇති රෝගීන්ගේ සාම්පල අධ්‍යයනය තුළින් ඒවායේ ඇති සුවිශේෂී තත්ත්ව හඳුනාගැනීමෙන් අනතුරුව වකුගඩු, පිත්තාශය, අක්මාව, පුරස්ථිග්‍රන්ථ හෝ අග්න්‍යාසය සම්බන්ධ පිළිකා තත්ත්වයන් දක්වා තම අවධානය යොමු කරන්නට ඔවුන් සූදානම්ය. ඔවුන් විශ්වාස කරන්නේ මේ ක්‍රමවේදය තුළින් උගුර, උදරය පෙණහලු සහ අන්නඝ්‍රෝතය සම්බන්ධ පිළිකා තත්ත්ව වඩා පහසුවෙන් හඳුනාගන්නට ඉඩ ලැබෙනු ඇති බවයි. එහෙත් මේ ක්‍රමවේදය පිළිකා හඳුනාගැනීමේ ප්‍රමුඛ හෝ එකම ක්‍රමවේදය ලෙස සලකන්නට ඔවුන් සූදානම් නැත. පර්​ෙ ය්ෂකයන් පවසන්නේ මෙය පිළිකා සම්බන්ධ අනෙකුත් පර්​ෙ ය්ෂණයන්ට පහසුකම් සලසන්නක් ලෙස පමණක් යොදා ගන්නට ඔවුන් අපේක්ෂා කරන බවයි. ඉදිරි දස වසර තුළ ඔවුන්ගේ මේ පරීක්ෂණයේ ප්‍රතිඵලය කවර අතකට ගියද දැනටමත් එය වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් බවට පත්ව ඇත්තේ මේ ක්‍රමවේදය මූලික කරගෙන අත්හදා බැලිය යුතු තත්ත්ව ගණනාවක් ​ කෙරේ මේ වන විටත් ලොව පුරා අනෙකුත් විද්‍යාඥයන්ගේ හා පර්​ෙ ය්ෂකයන්ගේ අවධානය යෙමු වී ඇති බැවිනි. පාලිත ජයකොඩි
 

More News..