brand logo

ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ අවසන් කටයුතු අද

01 October 2020

ශ්‍රී ලාංකික ප්‍රහසන රංග කලාවට නවමානයක් එක්කළ ප්‍රවීණ සිනමා, වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු හා අධ්‍යක්ෂවරයෙකු වූ ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතව තිබේ. පවුලේ ඥාතීන් පැවසුවේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 4.00ට මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදීයි සිදුකිරීමට නියමිත බවයි. පස්වරු 2 දක්වා මොරටුව, විල්ලෝරාවත්තේ පිහිටි නිවසේදී දේහයට මහජන ගෞරව දැක්විය හැකිය. වර්ෂ 1986 දී සිනමාවට අවතීර්ණ වන ටෙනිසන් කුරේ මහතා, ඉතා කෙටි කාලයක් තුළ විකට නළුවෙකු ලෙසින් සිය ප්‍රතිභා පූර්ණ රංගන කෞෂල්‍ය තුළ සුවහසක් ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර විය. මෙරට ප්‍රහසන සිනමාවට නැතුවම බැරි චරිතයක් බවට පත්වූ, ටෙනිසන් කුරේ මහතා විශිෂ්ට විකට නළුවෙකු ලෙස ලාංකේය ප්‍රේක්ෂකයන් සිනහවෙන් මුසපත් කරමින් චිත්‍රපට රැසක ප්‍රහසන රංග ශිල්පියා ලෙස කළ අද්විතීය රංගන දායකත්වය සදා අනුස්මරණීය වේ.
 

More News..