brand logo

ප්‍රවීණ රංගන ශිල්පි මාර්ක් සැම්සන් අභාවප්‍රාප්ත වෙයි

20 January 2019

ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු වන මාර්ක් සැම්සන් මහතා අද (20)දින අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා වයස අවුරුදු 63 කි. ඔහු කළක් රෝගාතුරව සිටි බව සඳහන් කරන අතර 1984 වසරේදී ජයසිකුරුයි චිත්‍රපටයෙන් රිදී තිරයට පැමිණි මාක් සැම්සන් දෑසේ මල් පිපිලා, සුර දරුවෝ, ඔක්කොම රජවරු, හොඳින් නැත්නම් නරකින්, දඩබිම, ඔබ මට විශ්වාසයි, සිංහ රජා, චෙරියෝ ඩොක්ටර් ඇතුලු චිත්‍රපට 35ක පමණ රඟ පා ඇත. එමෙන්ම පුංචි තිරයටද කැපී පෙනෙන දායකත්වයක් ලබා දී ඇත.
 

More News..