brand logo

ප්‍රවීණ බොලිවුඩ් නළු රිෂී කපූර් අභාවප්‍රාප්ත වෙයි

30 April 2020

ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පී රිෂී කපූර් මහතා මුම්බායිහි රෝහලකදී අද අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 67 වැනි වියේ පසුවිය. 1973 වසරේ බොබී චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟදක්වමින් ඔහු සිය නාමය ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ සනිටුහන් කිරීමට සමත් විය. දශක දෙකක් පුරා චිත්‍රපට ගණනාවක ප්‍රේමණීය චරිතවලින් ඔහුගේ රංගන දිවිය හැඩ වූ අතර ඉන්පසුව චරිතාංග නළුවෙකු ලෙස ද ඔහුගේ දක්ෂතා කැපී පෙනුණි. 2018 වසරේදී ඔහුට පිළිකාවක් ඇති බව හඳුනාගැනීමෙන් පසු අමෙරිකාවේ නිව්යෝක්හිදී දිගු කලක් ප්‍රතිකාර ලබා පසුගිය සැප්තැම්බර් මාසයේදී නැවත ඉන්දියාවට පැමිණ තිබුණි. ඔහු හුස්ම ගැනීමේ අපහසුතාවලින් පෙළීමත් සමඟ ඊයේ(29) උදෑසන රෝහලට ඇතුළත් කළ බව ඔහුගේ සොහොයුරු රන්දීර් කපූර් ප්‍රකාශ කළේය. 1970 වසරේ දී රිෂී කපූර් සිය පියා වන රාජ් කපූර් අධ්‍යක්ෂණය කළ මේරා නාම් ජෝකර් චිත්‍රපයෙන් සිනමාවට අත්පොත් තැබීය.
 

More News..