brand logo

ප්‍රවීණ ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

16 November 2020

ප්‍රවීණ ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඒ මහතා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සදහන් කරයි. මියයන විට ඒ මහතා 68වන වියේ පසුවිය. වේග රිද්ම ගායකයන් අතර පෝල් ප්‍රනාන්දු මහතා ද ඉතාමත් ජනප්‍රිය ගායකයෙකු වේ. "ගොලු හදවත විවර කරන්න", "සඳ පාන වගේ", "ආවේ වන බඹරෙක් වාගේ" වැනි ගීත රැසකට ඒ මහතා ගායනයෙන් දායක විය. පෝල් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.
 

More News..