brand logo

ප්‍රවීණයන්ගේ ලෝක මලල ක්‍රීඩා තරඟයට ඉල්ලුම්පත් කැඳවයි

04 February 2020

කැනඩාවේ ටොරොන්ටෝ හිදී පැවැත්වෙන ප්‍රවීණයන්ගේ ලෝක මලල ක්‍රීඩා තරඟයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ අරමුණින් ශ්‍රීලංකා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමය 34 වන වරට පවත්වන මලල ක්‍රීඩා තරඟය මෙම මස 29 හා මාර්තු 01 යන දෙදින තුළ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මේ සඳහා සහභාගි වීමට අපේක්ෂා කරන ප්‍රවීන මලල ක්‍රීඩකයින් මෙම මස 10 දිනට ප්‍රථම ඉල්ලුම් කළ යුතු බව තරඟ ලේකම් කේ.එච් වන්නිනායක මහතා පවසයි. මෙවර ප්‍රවීණයන්ගේ ලෝක මලල ක්‍රීඩා තරඟාවලිය කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී ජූලි 21 සිට අගෝස්තු 01 දින දක්වා පැවැත් වෙන බවද ඒ මහතා කීය.   කමල් සුරවීර  
 

More News..