brand logo

ප්‍රයිම් Urban Art විවිධත්වයෙන් යුත් ජීවන රටාවක ඇරඹුම

24 November 2019

පුළුල් පරාසයක විහිද සිටින විවිධත්වයෙන් යුතු සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ප්‍රශස්ත ලෙස සපුරාලීම සඳහා ප්‍රයිම් සමූහය කොළඹට සමීප කේන්ද්‍රස්ථානයක් වන කොට්ටාව නගරය ආශ්‍රිතව 2020 වසර අවසන් වන විට නිවාස 160කින් සමන්විත ප්‍රයිම් Urban Art නිවාස ව්‍යාපෘතිය සැලසුම් කර ඇත. අක්කර 10ක සුන්දර පරිසරයක පිහිටි මෙම නිවාස ව්‍යාපෘතිය පසුගිය වසරේදී ඉදිකිරීම් අරඹන ලදි. අලංකාර ලෙස නිර්මාණය කළ ප්‍රයිම් Urban Art නිවාස ව්‍යාපෘතිය මනාව සකස් කළ මිදුලක් සහිත තනි නිවසක හෝ මහල් නිවසක ජීවත් වීමේ කැමැත්ත සහිත පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාව වෙනුවෙන්ම වෙන්වූ නිවාස ව්‍යාපෘතියකි. පසුගිය වසරේ ඇරඹි මෙහි පළමු අදියර ඔස්සේ නිවාස 80ක් මේ වන විටත් ඉදිවෙමින් පවතින අතර 2020 වසර වන විට නිවාස 160හිම වැඩ අවසන් කිරීමට හැකිවන බව ප්‍රයිම් සමූහය විශ්වාසය පළ කරයි. දෙවැනි අදියර තුළදී මහල් නිවාසයන්හි ඉදිකිරීම් ඇරඹීමට නියමිත අතර මෙම ව්‍යාපෘතියට අයත් සෙසු පහසුකම් වන පිහිනුම් තටාකය, ශරීර සුවතා මධ්‍යස්ථානය, වොලිබෝල් සහ බැඩ්මින්ටන් ක්‍රීඩාපිටි ඉදිවීමට නියමිත අතර ජීවන තත්ත්වයෙන් උසස් මෙන්ම නිසංසල වටපිටාවක දිවිගෙවීමට අවස්ථාව සැලසේ. ප්‍රයිම් Urban Art නිවාස ව්‍යාපෘතියේ සෑම නිවසක්ම පර්චස් හයත් අටත් අතර ඉඩකඩකින් සමන්විත වන අතර මහල් නිවාස ඉදිවෙන වපසරිය සුන්දර කුඹුරුයායකට මුහුණලා පිහිටා තිබීම නිසා නෙතට වඩාත් ප්‍රියජනක දසුන් මවයි. සෑම නිවසක්ම මනාව සකස් කළ මිදුලකින් ද, ඉදිරිපස ස්වයංක්‍රීය ගේට්ටුවක් සහිත මායිම් පවුරකින් සමන්විත වේ. තනි නිවාස නිදන කාමර දෙකකින් හෝ තුනකින් මෙන්ම දෙමහල් නිවාස නිදන කාමර තුනකින් සමන්විත වේ. මෙම නිවාස ව්‍යාපෘතියේ නිවාසයන්හි මිල ගණන් රුපියල් මිලියන 9.7 සිට 20 දක්වා පරාසයක පවතී. ප්‍රයිම් සමූහය විසින් ඉදිකරන සෑම නිවාසකම ඉදිකිරීම් සහ සවි කිරීම් සඳහා වසරක නඩත්තු වගකීමක් පිරිනැමේ. ප්‍රයිම් Urban Art නිවාස ව්‍යාපෘතිය කේන්ද්‍රස්ථානයක පිහිටි බැවින් කොට්ටාව, අතුරුගිරිය, හෝමාගම, මහරගම, මත්තෙගොඩ යන නගරයන්ට පහසුවෙන් ළඟාවීමේ හැකියාව පවතී. ප්‍රයිම් Urban Art නිවාස ව්‍යාපෘතිය තවත් සුවිශේෂී වන්නේ ප්‍රයිම් සමූහය විසින් පළමු වරට මෙම ව්‍යාපෘතිය හරහා සාප්පු නිවාස (Shop house) හඳුන්වාදීම සමගයි. මෙහිදී පාරිභෝගිකයන්ට සිය නිවසේ උඩුමහලේ රැඳෙමින් පහත මහලේ සිය ව්‍යාපාරය කරගෙන යෑමේ අවස්ථාව ලබා දී ඇත. “නගරයේ කලබලකාරී පරිසරයෙන් බැහැරව එහෙත් පහසුකම් සහිතව තනි හෝ දෙමහල් නිවසක ජීවත් වීමට කැමැත්තක් දක්වන පාරිභෝගිකයින් සඳහා වඩාත් නිවැරදි තෝරාගැනීම මෙම ව්‍යාපෘතිය ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකි අතර පැය 24පුරාම ආරක්ෂාව, ක්‍රීඩා පහසුකම් , සුපිරි වෙළෙඳසැල් ඇතුළව සුවපහසු දිවියක් සඳහා අවැසි පහසුකම් බොහොමයක් මීට අන්තර්ගතව පවතී. විශේෂයෙන්ම මෙහි ක්‍රියාත්මක වන සාප්පු නිවාස සංකල්පයට අනුව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට නව ව්‍යාපාරික අවස්ථාවන් මෙමගින් ඇති වන බව මගේ විශ්වාසයයි” යනුවෙන් ප්‍රයිම් සමූහයේ නියෝජ්‍ය සභාපතිනි සඳමිනි පෙරේරා මහත්මිය පැවසීය.
 

More News..