brand logo

ප්‍රමිති ආයතනයේ ඉහල පුටුවේ ප්‍රමිතිය ගැන ප්‍රශ්ණයක්

17 October 2020

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර ඇති නිලධාරිනියට එම තනතුර දැරීමට අදාළ සුදුසුකම් නොමැති බව ජාතික විගණන කාර්යාලය කළ විමර්ශනයේ දී හෙළි වී ඇත. ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා බඳවා ගැනීමේ පටිපාටිය අනුව ව්‍යාපාර පරිපාලන හෝ කෘෂිකාර්මික හෝ විද්‍යා ආචාර්ය උපාධිය සමත් වීමට අමතරව අවුරුදු 20ක විධායක ශ්‍රේණියේ පළපුරුද්දක් සහ ආචාර්ය උපාධිය වසර 12කට පෙර සම්පූර්ණ කර තිබීම අවශ්‍ය වේ. ඇයගේ සේවා පළපුරුද්ද සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී හෙළි වී ඇත්තේ ඉහළ කළමනාකරණ පළපුරුද්දක් නොමැතිකමින් ආචාර්ය උපාධිය ගත් පසු වසර 12ක පළපුරුද්දක් වෙනුවට වසර අටහමාරක පළපුරුද්දක් පමණක් ඇති බවය. ඊට අමතරව පිළිගත් ආයතනයක වසර 20ක විධායක ශ්‍රේණියේ පළපුරුද්ද ද සපුරා නොමැති අතර ඇය සපුරා ඇත්තේ වසර 13ක පළපුරුද්දක් බවට හෙළි කරගෙන තිබේ. චමින්ද සේනාරත්න
 

More News..