brand logo

ප්‍රභූ රථ පෙලක තිරෝද රථයක් ගැටෙයි - දෙදෙනකුට තුවාල (Photos)

13 August 2019

බුත්තල පොලිස් බල ප්‍රදේශයේ මහගොඩයාය ප්‍රදේශයේ දී ඊයේ (12) පස්වරුවේ දී ප්‍රභූ රථ පෙලක තිරෝද රථයක් ගැටී දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.මොනරාගල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ මෙම රථ පෙල වැල්ලවාය දෙස සිට මොනරාගල දෙසට ධාවනය වූ තිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත. බෙන්ස් රථයේ ගැටුනු තිරෝද රථය පසුව ඩිෆෙන්ඩර් රථයේ ද ගැටි අනතුර සිදු වී ඇති අතර අනතුරින් තිරෝද රථයේ ගමන් කල දෙදෙනකුට මෙසේ තුවාල සිදු වී තිබේ.තුවාල ලැබූ තිරෝද රථ රියදුරු සහ පසුපස ගමන් කල පුද්ගලයා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළුත් කර ඇති අතර අනතුරින් පසු ප්‍රභූ රථ වල අංක තහඩු ද ගලවා දැමූ බව ප්‍රදේශයේ ජනතාව පවසති. මෙසේ අනතුරට ලක් වී ඇත්තේ මැදගම ප්‍රදේශයේ පදිංචි දෙදෙනකු වන අතර අනතුර සම්බන්ධයෙන් එම රථ වාහන සියල්ලක්ම බුත්තල පොලිසිය වෙත රැගෙන ගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන බුත්තල පොලිසිය සිදු කරයි. ප්‍රභූ ආරක්ෂාව සදහා ඉදිරියෙන් ගමන් කළ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථය ධාවනය කළ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ජයන්ත වීරසේකර
 

More News..