brand logo

ප්‍රභාකරන් ගේ ටොන් 14ක් බර දඹරන් හනුමා පිළිමය විකුණන්න ගහපු ගේම අතේ පත්තු වෙච්ච හැටි

19 January 2020

කොටි නායක ප්‍රභාකරන්ට වන්දනාමාන කිරීමට ඉන්දියාවෙන් ගෙන්වූ බව කියන ටොන් දහතුනාමාරක් බරැති රනින් නිම කළ හනුමන්තා පිළිමයක් රුපියල් කෝටි තුන් දහස් පන්සීයයකට විකුණන්නට තැත්කරමින් සිටි ජාවාරමකට සම්බන්ධ කණ්ඩායමක් විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම ජාවාරම් කරුවන් විසින් ප්‍ර කෝටිපති ව්‍යාපාරිකයන්ට රන් පිළිමය විකිණීමට කතා කරගෙන ඇස් බැන්දුමක් කර මුදල් වංචා කර ඇතියි අනාවරනය වන්නේ වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ නියෝගය මත නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යටතේ පොලිස් කණ්ඩායමක් ඇරඹු විමර්ෂණයකදීය. මෙම වැටලීම කරන මොහොත වන විටත් මෙරට සිටින ප්‍ර කෝටිපති ව්‍යාපාරිකයන් රැසක් හනුමන්තා පිළිමය සොයමින් වල්මත් වූවන් මෙන් සිටි බව අනාවනය වී ඇත. මෙම හනුමන්තා පිළිමයේ ගනුදෙනුව සඳහා රුපියල් කෝටි පනහක අත්තිකාරමක් පිළිමයේ හිමිකරුට දීමට ව්‍යාපාරිකයන් ඉදිරිපත් වී ඇති බවත් ඉන් ලැබෙන කොමිස් මුදල ගැනිමට බ්‍රෝකර් වරුන් හා ව්‍යාපාරිකයන් සූදානමින් සිටින බවත් හෙලිිවී ඇත. පොලිස්පති අනින් මේ පිළිබඳ විමර්ශන බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර විසින් කැළණිය කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ ස්නාධාපති පොලිස් පරීක්ෂක කැලුම් සංගීත් ඇතුළු කණ්ඩායමක් යෙදවීමෙන් පසු මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුගෙන් පිළිමය ගැනීමට අතරමැදියන් ලෙස ආ හයදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර කාර් සේල්හිමියකු, ඇගලුම්කම්හල් හිමිකරුවකු, කොන්ත්‍රාත් කරුවකුද සිට ඇත. මෙම පිරිස දුන් තොරතුරු මත පිළිමයේ හිමිකරු බව කියන පුද්ගලයයා කොටු කරගෙන ඇත. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ව්‍යාපාරිකයන්ගෙන් හනුමන්තා පිළිමය ගොඩගන්නා අයුරු හා රන් පිළිමය විදින අයුරු ඇතුළු වීඩියෝ පට පෙන්නා ලක්ෂ ගණන් මුදල් ගත් අයුරු හෙලිකර තිබේ. හනුමා පිළිමයක් කොටි නායක ප්‍රභාකරන්ට වන්දනා කිරීමට ඉන්දියාවේ සිට නැවු මගින් කොළඹ වරායට ගෙනවිත් ගොඩබිම මාර්ග ඔස්සේ ගෙනයද්දී එදින අමාත්‍ය මහින්ද විජේසේකර හට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමත් සමග රටපුරා යෙදවූ මාර්ග බාධක නිසා මුතුරාජවෙල ආශ්‍රිත ඉඩමක වලදමා තිබියදී තමාට හසුවූ බවත් එකවර සම්පූර්ණ මුදල ලබා දුන්නොත් පිළිමය පෙන්වන බවත් සැකකරු ව්‍යාපාරිකයන්ට පවසා ඇත. පිළිමය පෙන්නනු වෙනුවට පිළිමය මඩ ගොහොරු මතින් ගොඩගන්නා අයුරුත් හිල් විදිනයක් මගින් පිළිමය විදිද්දී රන් කුඩු පිටතට එන ආකාරයත් දැක්වෙන විඩියෝ පට හා ඡායාරූප ජාවාරම්කරු ව්‍යාපාරිකයන්ට පෙන්වා දී ඇත. පිළිමයේ බර ටොන් දහතුනාමාරක් බවත් එය දිග අඩි දහතුනයි අගල් අටක් බවත් පවසමින් මෙම ගනුදෙනුව කතා කර කෝටි පනහකට අත්තිකාරමක් ලබාගැනීමටද එකග තාවක් ඇති කරගෙන ඇත. මෙම ජාවරම් කරුට ගැනුම් කරුවන් සොයාදී හනුමන්තා පිළිමය විකුණා විශාල කොමිස් මුදලක් ලබාගැනීමේ අරමුණින් කෝටිපති ව්‍යාපාරිකයන් කිහිපදෙනකු මොහුට ලක්ෂ ගණනින් මුදල් වියදම් කර ඇත. මීගමුවේ කෝටිපති ව්‍යාපාරිකයකු විසින් නවීන පන්නයේ ජීප්රියක් කුලී පදනම මත ලබාදී හෝටල්වල රැදී සිටීමට රුපියල් ලක්ෂ 50ක පමණ මුදල් පවා වියදම් කර ඇතැයි හෙලිවී ඇත. තමා විසින් කිසිම දිනක පිළිමය නොපෙන්වූ බවත් වීඩියෝ පෙන්වා ව්‍යාපාරිකයන් අල්ලාගත් බවත් සැකකරු හෙළිකර ඇත. හනුමන්තා පිළිමයේ කතාව ප්‍රබන්ධයක් බවත් වැලි හා මැටි කලවන් කර හනුමන්තා ආකෘතියක් සකසා රෙද්දකට සිමෙන්ති දියකර අලේපකර පිළිමය නිර්මාණය කළ බව මොහු හෙලි කර ඇත. මේ සදහා තවත් දෙදෙනකු සහායට එක්වී ඇති අතර මොවුන් පිලිමයේ එක්තැනක ලී කැබැල්ලක් ඇතුළට දමා එතැන නිර්මාන ඇදීමට ගන්නා රන් පැහැති ගෝල්ඩ් ඩස්ට් (දිලිසෙන කුඩු) ඒ තුළට ඇතුළත් කර යළිත් හිල් විදිනයකින් විදින විට රන් කුඩු පිටතට එන අයුරින් විඩියෝ ගත කර ඇත. පිළිමයෙන් රත්රන් කුඩු පිටතට එන අයුරු විදහා දැක්වෙන දර්ශනයක් විඩියෝ ගත කර රන් කුඩු සැබෑවටම එන බව ඇගවීමට ස්වර්ණාභරණ ආයතනයකින් ගත් රන් සහතිකයක්ද ගනුදෙනු ව කතාකිරීමට ආ පිරිසට පෙන්වා දී ඇත. තමන් විසින් කළු සල්ලි සගවාගෙන සිටින ප්‍ර කෝටිපතියන්ගේ කලු සල්ලි පිටතට අද්දවා මංකොල්ලකෑමේ අදහසින් මෙම හනුමන්තා සැකසූ බව ජාවාරම් කරු පවසා ඇත. පොලිස් කණ්ඩායම මගින් ප්‍රභාකරන්ගේ හනුමන්තා ප්‍රබන්ධයක් බවට හෙළිකරගත්තද කෝටිපති ව්‍යාපාරිකයන් විසින් තවමත් එය නොතකා පිළිමය සොයාමින් යන බව අරුණට වාර්තාවිය තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..