brand logo

ප්‍රභාකරන් කරපු සන්නද්ධ අරගලය වරදක් නෙමෙයි-සී.වී. විග්නේශ්වරන්

22 May 2020

උතුරේ දෙමළ තරුණයන් සිදුකළ සන්නද්ධ අරගලය වරදක් ලෙසට තමා නොදකින බව උතුරු පළාත් සභා හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් පවසයි. නිවේදනයක් නිකුකරමින් විග්නේශ්වරන් එලෙස සඳහන් කොට ඇත. වඩුකෝඩෙයි යෝජනාවලිය අනුව අදාළ අරගලය වරදක් ලෙස නොදකින බව ඔහු පවසා තිබේ. ‘‘වඩුකෝඩෙයි යෝජනාවලියේ අවසන් වගන්තිය මගින් දෙමළ දේශයක් වෙනුවෙන් පොදු බලකිරීමක් සිදුකරනු ලබනවා. වඩුකෝඩෙයි යෝජනාවලිය 1976 වසරේ මැයි මස 14 වැනිදා අපි පිළිගත්තා. එම යෝජනාවලිය හරහා උතුරේ තරුණයන්ට තම නිදහස වෙනුවෙන් ස්වෛරීත්වය ලැබෙන තාක් පසුබට නොවී සටන් කරන ලෙස එම යෝජනාව හරහා අවධාරණය කර තිබෙනවා. එදා දෙමළ නායකයන් හඳුන්වාදුන් සටන අවිහිංසාවාදී සටනක් ලෙසින් හෝ සත්‍යග්‍රහ මගින් හෝ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සිදුකළ යුතුයි කියල පැහැදිලිව අවධාරණය කරලා නෑ. එනිසා ප්‍රභාකරන් ඇතුළු උතුරේ තරුණයන් වඩුකෝඩෙයි යෝජනාවලිය පිළිගනිමින් ආයුධ සන්නද්ධ අරගලයක් ආරම්භ කිරීමේ ඇති වරද මොකක්ද? ප්‍රභාකරන් ඇතුළු උතුරේ තරුණයන් එදා දෙමළ නායකයන්ගේ ඉල්ලීම් හා බලකිරීම් වෙනුවෙන් තමයි විශ්වාසයකින් යුතුව ක්‍රියාත්මක වුණේ. ප්‍රභාකරන් ආරම්භ කළ ආයුධ සන්නද්ධ අරගලය එවක දෙමළ නායකයන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ගෙනගිය සටනක්. අද ඒ සටන වැරදියි කියල කියන්න අපි කාටත් අයිතියක් නෑ. ඇතැමුන් දෙමළ තරුණයන් සිදුකළ සටන සම්බන්ධයෙන් වර්තමානයේදී සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් මා විමතියට පත්වනවා. යනුවෙන්ද ඔහු එහි සඳහන් කොට ඇත. මාධව කුලසූරිය
 

More News..