brand logo

ප්‍රබල චෙන්නායි පිලේ කඩුළු 4ක් මාලිංග ගලවයි - මුම්බායට ජය

27 April 2019

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ කඩුළු 4ක් දවා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිලේ ලසිත් මාලිංග සමත්ව තිබේ. මාලිංග එලෙස දවා ගනු ලැබුවේ, ෂේන් වොස්ටන්, ඩ්වේන් බ්‍රාවෝ, හර්බජන් සිං සහ මිචෙල් සැන්ට්නර්ගේ කඩුල්ල වේ. මෙම තරගාවලියේ ලසිත් මාලිංග විසින් මේ වන විට කඩුළු 12ක් දවාගෙන ඇති අතර, ඔහු මේ වසරේ අයි.පී.එල්. හි වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දසවැනි ස්ථානයේ පසුවේ. මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 4ක් දැවී ලකුණු 155ක් රැස්කර ගත්තේය. මුම්බායි පිල වෙනුවෙන් නායක රෝහිත් ෂර්මා ලකුණු 67ක් ලබාගැනීමට සමත් විය. අනතුරුව පිටියට පැමිණි චෙන්නායි පිල පන්දුවාර 17යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 109ක් පමණියි. චෙන්නායි පිල වෙනුවෙන් මුරලි විජේ ලකුණු 38ක් ලබාගත්තේය. ඒ අනුව මෙම තරගය ලකුණු 46කින් ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිලට හැකි විය.

මාලිංග කඩුළු 4ක් දවාගත් ආකාරය මෙතනින් බලන්න

 

More News..