brand logo

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 27කට සහ පොලිස් පරීක්ෂකවරුන් 45කට ස්ථාන මාරු

04 January 2019

පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙසට සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 27 කට සහ පොලිස් පරීක්ෂකවරුන් 45 කට ස්ථාන මාරුවීම් ලබාදී ඇත. පොලිස්පතිවරයාගේ නිර්දේශය මත පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් සිදුකර ඇත. ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළ පොලිස් පරීක්ෂක කේ.ජේ. බන්දුතිලක මහතාටද ස්ථාන මාරු විමල්ක් ලැබී ඇත.
 

More News..