brand logo

ප්‍රධාන පුටු 152කම කාන්තාවන්

27 February 2021

  රටේ ප්‍රධාන ආයතන මෙහෙයවන ප්‍රධානීන් අතර එක් කැබිනට් අමාත්‍යවරියක්, රාජ්‍ය අමාත්‍යවරියන් දෙදෙනෙක් සහ ලේකම්වරියන් දහතුන් දෙනකුද සංස්ථා අධ්‍යක්ෂ, කොමසාරිස් හා සභාපති යන තනතුරු හොබවන කාන්තාවන් එකසිය පනස් දෙදෙනකු (152) කටයුතු කරති. නියෝජය පොලිස්පතිනියක ලෙස උසස්වීම් ලැබූ බිම්ෂානි ජාසිංහ ආරච්චිට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමත් සමග කාන්තාවන් ප්‍රධාන තනතුරුවලට පත්කිරීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වී තිබේ. ඒ අනුව කැබිනට් මණ්ඩලය නියෝජනය කරන එකම කැබිනට් ඇමැතිනිය වන්නේ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නි ආරච්චිය. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ සීතා අරඹේපොළ යන අය රාජ්‍ය අමාත්‍ය ධුර දරති. පළාත් නවයෙන් නැගෙනහිර හා උතුර පළාත්වල ආණ්ඩුකාරවරියන් ලෙස පිළිවෙළින් අනුරාධා යම්පත් හා පී.එස්.එම්. චාල්ස් කටයුතු කරති. ඒ අනුව ස්ංස්ථා අධ්‍යක්ෂවරියන් එකසිය දාහතර දෙනකු (114), සභාපතිනියන් විසි පස් දෙනකු (25), කොමසාරිස්වරියන් හතර දෙනකු (04), ආණ්ඩුකාරවරියන් දෙදෙනකු (02), අමාත්‍යාංශ ලේකම්වරියන් පස් දෙනකු (05), එක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිනියක හා අමාත්‍යවරියන් තිදෙනකු කටයුතු කරති. මෙරට සිටින ගුරුවරියන් සංඛ්‍යාවද ගුරුවරුන් සංඛ්‍යාවට වඩා 50%කින් පමණ වැඩි වන අතර මෙරට සිටිනා මුළු ගුරුවරියන් සංඛ්‍යාව එක්ලක්ෂ අසූ හතරදහස් එකසිය විසි පහක් (184125) වන අතර ගුරුවරුන් සිටින්නේ හැට දෙදහස් හාරසිය හැට හතකි (62467). එරංදි කෞශල්‍යා
 

More News..