brand logo

ප්‍රදේශ රැසකට අද වැසි - කාලගුණය

13 January 2019

නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු සහ උතුරු-මැද පළාත්වලත්හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 න්පමණපසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. ඇතැම් ස්ථානවලට විශේෂයෙන් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල මි.මී. 100 පමණ තද වැසි ද සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර,දිස්ත්‍රික්කවලත් මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇති විය හැකියි. වයඹ පළාතේත් ගම්පහ, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකියි. හම්බන්තොට සිට මඩකළපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විටවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවල තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රිකාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයින වටා වනමුහුදු ප්‍රදේශවල සුළංඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වනවා. මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහමාතර සිට හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශවිටින් විට තරමක් රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
 

More News..