brand logo

ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

11 July 2019

දිවයිනේ බොහෝ ප්‍රදේශවල,(විශේෂයෙන්ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව,මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත්) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් තවදුරටත් පවතීන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වල තැනින් තැන සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

More News..