brand logo

ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා ඉවතට

22 November 2020

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4කට පනවා තිබූ සංචරණ සීමා මේ අනුව හෙට (23) උදෑසන 5 සිට ඉවත්කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ. මේ අනුව බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම්වලට පනවා ඇති සංචරණ සිමා ඉවත් වේ. එසේම කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 13ක හුදකලාභාවය ඒ අයුරින්ම ක්‍රියාත්මකයි එමෙන්ම කොම්පඤ්ඤවීදියේ පිහිටි වෑකන්ද ග්‍රාම නිලධාරී වසම හා බොරැල්ලේ පිහිටි වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම ද තවදුරටත් හුදකලා වේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ජා - ඇළ හා කඩවත යන පොලිස් වසම් දෙකේ ද සංචරණ සීමා හෙට උදෑසන ඉවත් කිරීම සිදුවේ. කෙසේ නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 5ක සංචරණ සීමා තවදුරටත් බලපැවැත්වෙන බව යුදහමුදාපතිවරයා සඳහන් කරනවා.
 

More News..