brand logo

ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

09 May 2021

ප්‍රදේශ කිහිපයක් අද (09) උදෑසන සිට හුදකලා කර තිබෙන අතර එක් ග්‍රාම සේවා වසමක හුදකලාභාවය ඉවත් කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ. මේ අනුව , රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 14ක්, රක්වාන පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 6ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක් ග්‍රාම සේවා වසමක් හුදකලා කර ඇත. එසේම කළුතර දිස්ත්‍රික්කයේ, පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ නාරම්පිටිය ග්‍රාම සේවා වසම මේ මොහොතේ සිට හුදකලාභාවයෙන් ඉවත්කර ඇති බව දැනුම් දී තිබේ. හුදකලා කර ඇති ප්‍රදේශ, රත්නපුර දිස්ත්‍රික්කය රක්වාන පොලිස් බලප්‍රදේශයේ, දොලේකන්ද ග්‍රාම සේවා වසම රඹුක ග්‍රාම සේවා වසම කත්ලාන ග්‍රාම සේවා වසම තණබෙල ග්‍රාම සේවා වසම ඉළුඹකන්ද ග්‍රාම සේවා වසම පොතුපිටිය දකුණ ග්‍රාම සේවා වසම කලවාන පොලිස් බලප්‍රදේශයේ, පනාපොළ ග්‍රාම සේවා වසම කුඩුමිටිය ග්‍රාම සේවා වසම කුඩව ග්‍රාම සේවා වසම දෙල්ගොඩ නැගෙනහිර ග්‍රාම සේවා වසම දෙල්ගොඩ බටහිර ග්‍රාම සේවා වසම ද්වාලගම ග්‍රාම සේවා වසම ගඟලගමුව ග්‍රාම සේවා වසම කොස්වත්ත ග්‍රාම සේවා වසම තපස්සරකන්ද ග්‍රාම සේවා වසම වතුරාව ග්‍රාම සේවා වසම වෙම්බියගොඩ ග්‍රාම සේවා වසම වැද්දාගල නැගෙනහිර ග්‍රාම සේවා වසම වැද්දාගල බටහිර ග්‍රාම සේවා වසම දවුලගලගම ග්‍රාම සේවා වසම නුවර එළිය දිස්ත්‍රික්කය ළිඳුල පොලිස් බලප්‍රදේශයේ, ශාන්ත කුම්බිස් වතුයාය ග්‍රාම නිලධාරී වසම
 

More News..