brand logo

ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්

21 February 2020

කැළණි ගඟ දකුණු ඉවුර ජල ව්‍යාපෘතිය මගින් ජලය බෙදා හරිනු ලබන ප්‍රදේශ කිහිපයකට හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් ජල සැපයුම අත් හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක-සීදූව, කැළණිය, බියගම, මහර, දොම්පේ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජලය අත් හිටුවා ඇත. එම බිඳ වැටීම යථාතත්වය පත්කරන තුරු ජල සැපයුම් ලබාදීමටනොහැකි බව එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
 

More News..