brand logo

ප්‍රදේශ කිහිපයකට අද මි.මී. 200ක තද වැසි

09 December 2019

දිවයිනට ගිනිකොන දෙසින් පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා විශේෂයෙන්ම නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල පවතින වැසි තත්ත්වය අද දින සිට වැඩිවීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව නැගෙනහිර, ඌව, උතුරු-මැද, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල තැනින් තැන ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මොනරාගල,පොළොන්නරුව, බදුල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මි.මී. 200 පමණ ඉතා තද වර්ෂාපතනයන් ද අනුරාධපුරය, මුලතිව්, කිලිනොච්චි, වවුනියාව සහ මාතලේ දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මි.මී. (100-150)පමණ තද වර්ෂාපතනයන්ද ගාල්ල, කළුතර, රත්නපුර, කෑගල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මි.මී. (75-100) පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය. වයඹ,උතුර සහ උතුරු-මැද පලාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි 40-50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකියි.
 

More News..