brand logo

ප්‍රථිපල ප්‍රමාද වූ වොත් නිවැරදි තීන්දු ගන්න ප්‍රමාද වෙනවා

04 November 2020

සමස්ත රටම ආවරණය වන පරිදි PCR පරීක්ෂණ නියැදි ලබාගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ PCR පරක්ෂණ ධාරිතාව වැඩිකර ඒ සඳහා ඇති විකල්පයන් ද හඳුනාගැනීමට අවශ්‍ය බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙලස සඳහන් කළා . "දැනටත් PCR යම් ප්‍රමාණයක් ගොඩගැහිලා තියෙනවා. ඇතැම් ප්‍රදේශවලින් අපිට කතා කරලා කියනවා PCR පරීක්ෂණවල ප්‍රතිඵල දින 4ක 5ක ප්‍රමාදයක් තියෙනවා කියලා. PCR පරීක්ෂණවල ප්‍රතිඵල පැය 24ක් තුළ ලබාදීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කළ යුතුයි. ප්‍රතිචාර හරියට දක්වන්න නම් ප්‍රතිඵල ඉක්මනට එන්න ඕනේ. පැය 48ක් ඇතුළත ලැබෙන PCR ප්‍රතිඵල ප්‍රමාදවී ලැබෙන ප්‍රතිඵලයක් ලෙස සැළකීමට සිදුවෙනවා. පැය 48ටත් වඩා ප්‍රමාද වී ලැබෙන PCR ප්‍රතිඵල නිවැරදි තීන්දු තීරණ ගැනීමට නොහැකි PCR ප්‍රතිඵලයක් ලෙස සැළකීමට සිදුවෙනවා "
 

More News..