brand logo

ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් නිවසේ සිට වෙසක් සමරන්න

13 May 2021

පවතින කොරෝනා අවදානම හේතුවෙන් ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් නිවසේ සිට වෙසක් උත්සවය සමරන ලෙස මහානායක හිමිවරුන් බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. විහාරස්ථානවල හා ඉන් පිටත ජනතාව එක්රැස් වන දාන,ශීල භාවනා, වෙසක් තොරණ හෝ වෙනත් පුණ්‍ය උත්සවය සංවිධාන නොකොට සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බව මහානායක හිමිවරුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. යාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය සහ වැඩසටහන බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් අවලංගු කරනු ලැබූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශයන්ට අනුකූලව සංකේතාත්මක කෙටි වැඩසටහනක් ලබන 24 වනදා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍රකොට ගෙන පවත්වනු ලබන බව සඳහන් කරයි.
 

More News..