brand logo

ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කිරීමට රජය තීරණය කරයි

03 January 2020

පසුගිය ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කිරිමට රජය තීරණය කර තිබේ. සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්. ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම පනත ඉවත් කිරීමට අදාළ යෝජනාව ඉදිරිපත් කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
 

More News..