brand logo

ප්‍රතිකාර ලබාගැනීම ප්‍රතික්ෂේප කරන්න එපා - සෞඛ්‍ය ඇමති

06 October 2020

ගම්පහ අවට කොවිඩ් ආසාදිතයින් බවට හදුනාගත් පුද්ගලයින් ප්‍රතිකාර ලබාගැනීම ප්‍රතික්ෂේප කරන බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. අමාත්‍යවරිය සදහන් කළේ ආරක්ෂක අංශ සහ සෙ$ඛ්‍ය අංශ ගිලන් රථ වලින් අදාළ ආසාදිතයින් රැදී සිටින නිවාස සහ නේවාසිකාගාර වලට ගිය අවස්ථාවන් වලදී ඔවුන් ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි. එලෙස ප්‍රතිකාර ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීම තුළින් රටම අවදානමකට මුහුණ දෙන බවත්, එලෙස සිදු නොකර සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වලට සහාය ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නආරච්චි මහත්මිය ඉල්ලා සිටියි.
 

More News..